28.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews'හරක් කටා' හා 'කුඩු සලිඳු' ගේන්න CIDය මැඩගස්කරයට

‘හරක් කටා’ හා ‘කුඩු සලිඳු’ ගේන්න CIDය මැඩගස්කරයට

‘හරක් කටා’ හෙවත් නඳුන් චින්තක සහ ‘කුඩු සලිඳු’ හෙවත් සලිඳු මල්ෂිත ගුණරත්න මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් හෙට (11) මැඩගස්කරය බලා පිටත්වීමට නියමිතය.

පොලිස් ආරංචිමාර්ග පවසන්නේ මෙම කණ්ඩායමට සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු, ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරු දෙදෙනෙකු ඇතුළත් බවයි. මැඩගස්කරය බලා පිටත්ව යන පොලිස් කණ්ඩායමට ඒ සඳහා අවශ්‍ය අනුමැතියද මේ වනවිට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.