30.6 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsක්ෂේත්‍ර රැසක නිලධාරින් අද වැඩ වර්ජනයේ

ක්ෂේත්‍ර රැසක නිලධාරින් අද වැඩ වර්ජනයේ

වෛද්‍ය, වරාය, විදුලි, ජල, දුම්රිය, තැපැල්, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති මේ වනවිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

රජය විසින් ක්‍රියාත්මක නව බදු සංශෝධන, විදුලි ගාස්තු ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර ඇත්තේ.

වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් අද (15) මෙම දීපව්‍යාප්ත වැඩ වර්ජනය ආරම්භ කර තිබේ.

ඒ අනුව වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරීන්, රසායනාගාර සේවා ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදින් මෙන්ම රෝහල් කණිෂ්ඨ සේවකයින් එක්ව සිටියි.

ගුරු හා විදුහල්පති සංගම් පවසන්නේ දිවයිනේ සියලුම පාසල්වල අද දිනයේ වර්ජනය ක්‍රියාත්මක බවයි. එමෙන්ම වරාය සේවකයින්ද මේ වනවිට වර්ජනයේ නිරත වෙයි.

දුම්රිය ලොකොමෝටිව් ඔපරේටරවරුන්ගේ සංගමය ඇළුතු දුම්රිය වෘත්තීය සමිති රැසක් මේ වනවිටත් වර්ජනය ආරම්භ කර තිබේ.