29.5 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමඩ පොහොර නැව කොළඹ වරායට

මඩ පොහොර නැව කොළඹ වරායට

TSP පොහොර හෙවත් මඩ පොහොර රැගත් MV INCE PACIFIC නෞකාව අද (16) අලුයම කොළඹ වරායට සේන්දු වී තිබේ.

වගා කන්න 03කට පසු පළමු වතාවට මෙරට ගොවි ජනතාවට වී වගාවට අවශ්‍ය මඩ පොහොර හෙක්ටයාර් 01කට කිලෝග්‍රෑම් 55ක් බැගින් නොමිලයේ ලබා දීමට නියමිතය.

එම නෞකාවෙන් මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් මෙරටට රැගෙන විත් ඇති අතර ඉදිරියේදී තවත් එවැනිම මඩ පොහොර නෞකාවක් පැමිණීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ USAID ආයතනවල දායකත්වයෙන් මෙම මඩ පොහොර ලබා දී තිබේ.