ටික්ටොක් ගැන නවසීලන්ත බලධාරීන් තීරණයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ අනුව එරට පාර්ලිමේන්තුව හා සම්බන්ධ උපාංග හරහා ටික්ටොක් වෙත පිවිසීම තහනම් කිරීමට නවසීලන්තය තීරණය කර ඇත.
ඒ සිය දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු හේතුවෙන් ය.
ටික්ටොක් ලොව රටවල් 150ක පමණ භාවිත කෙරෙන අතර ලොව පුරා බිලියනයක් පමණ ග්‍රාහකයින් සංඛ්‍යාවක් එම මෙවලම හා සම්බන්ධව සිටියි.