10.2 C
London
Friday, March 31, 2023

පොලිස්පති පත් කිරීම ගැන නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

නව පොලිස්පතිවරයෙකු පත් කිරීම සහ ඉහළ නිලධාරීන් පත් කිරීම විනිවිද භාවයකින් සිදු විය යුතු කටයුත්තක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ අදාළ කටයුතු මහජන විශ්වාසය තහවුරු වන ආකාරයෙන් සිදුවිය යුතු බවයි.

2023 මාර්තු 23 වැනිදා පොලිස්පති ධුරය පුරප්පාඩු වීමට නියමිත බවට දැනගන්නට ලැබී ඇති අතර නව පොලිස්පතිවරයෙකු ලෙසට හොඳම නිලධාරියෙකු පත්කිරීම ඉතා වැදගත් බව එම ලිපියේ සඳහන්.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය බරපතළ ලෙස බිඳවැටී ඇති බවයි.

ස්වාධීනත්වයක් නොමැතිකම, දේශපාලනීකරණය, ම්ලේච්ඡත්වය, අත්අඩංගුවට පත්වූවන්ගේ මරණ, වෘත්තීයභාවය නොමැතිකම ඇතුළු කරුණු පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වීමට දායක වී ඇති බවයි එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ.

මීළඟ පොලිස්පතිවරයා පොලිස් බලකායට ආදර්ශවත් සහ කිසිදු කැළලක් නොමැති මහජන විශ්වාසය නැවත ඇති කිරීමට හැකි ආකාරයෙන් එම සේවයේ නියුතු නිලධාරියෙකු වීම අතිශයින්ම වැදගත් බව ද නීතිඥ සංගමය ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම විවිධ අපරාධවලට සැකකරුවන් ලෙස නම් කරන පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබාදීම ශ්‍රී ලංකා පොලිසියේ පුරුද්දක් වී ඇතැයි ද ඔවුන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන්.

පොලිස්පති පත්කිරීමේදී විධායකය විසින් ඉහළ ප්‍රමිතීන් අනුගමනය කළ යුතු බව තම සංගමයේ මතය බවයි එහි දැක්වෙන්නේ.

ඉහත සඳහන් තත්ත්වයන් තුළ අපරාධ නඩු හෝ නීති විරෝධී ක්‍රියාකාරකමකට සම්බන්ධ බවට චෝදනා ඇති අයෙකු පොලිස්පති ධුරයට පත් නොකරන ලෙසටයි ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ.

Latest

රත්‍රං යළි ගණන් උස්සයි

මෙරට රන් මිල අද (31) දිනයේදී යළිත් වරක් ඉහළ...

ඩයනාගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න කල් දෙයි

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස සහ මහලේකම්වරයා...

එළවළු මිල පහළට

ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් මේ වනවිට ඉතා...

චීනයේ විරෝධතා මැද තායිවාන ජනාධිපතිනිය ඇමරිකාවට

මේ දිනවක ඇමරිකාවේ සංචාරයක නිරත වී සිටින තායිවාන ජනාධිපතිනි...

Don't miss

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්...

රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන...

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති...

මිදිගම හෝටල් හිමිකරුගේ ඝා+තනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිවෙයි

මිදිගම ප්‍රදේශයේ රාත්‍රී සාද පවත්වන හෝටල් හිමිකරුවකු වන පසිඳු සඳරුවන් හෙවත් 'බබා' නැමැත්තාව ඊයේ (29) සවස වෙඩි තබා ඝාතනය කර තිබේ. ඔහු සමග 'හරක්කටා'ගේ පාර්ශ්වයට...

මැල්සිරිපුර ගොවීන් 3000කට සහනාධාර අහිමිකළ සංවර්ධන නිලධාරියාගේ වැඩ තහනම්

මැල්සිරිපුර රඹේ ගොවීන් 3000කට අධික පිරිසකට රජය ලබා දුන් සහනාධාර අහිමි කළ සංවර්ධන නිලධාරියාගේ වැඩ තහනම් කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. මැල්සිරිපුර රඹේ ගොවිජන සේවා...

යතුරුපැදියේ පසුපස ගමන් ගත් පුද්ගලයා වහලක් උඩට යැවූ යතුරුපැදි අනතුර

හොරණ ගුරුගොඩ සමෘද්ධි බැංකුව අසල දී අද පස්වරුවේ සිදු වූ අනතුරකින් යතුරුපැදියක ගිය දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මෝටර් රථයක් සහ යතුරුපැදියක්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here