29.1 C
Colombo
Wednesday, February 28, 2024

දින හයකට කලින් අගමැති මෝදි විවෘත කළ අධිවේගී මාර්ගය ජලයෙන් යටවෙයි

දින හයකට පෙර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් විවෘත කරන ලද කර්නාටක ප්‍රාන්තයේ බෙන්ගලුර්-මයිසුරු අධිවේගී මාර්ගය අධික වර්ෂාව හමුවේ ජලයෙන් යට වී තිබෙනවා.

ඉන්දීය රුපියල් කෝටි 8,480ක වියදමින් ඉදිකරන ලද අධිවේගී මාර්ගය, රාමනගර් දිස්ත්‍රික්කය ආසන්නයේ දීයි මෙලෙස ජලයෙන් යටවී ඇත්තේ.

අධිවේගී මාර්ගයේ පිහිටි පාලමක් අසල ජලය එක්රැස් වීම හේතුවෙන් අනතුරු මාලාවක් ද වාර්තා වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වාහන සෙමින් ගමන් කිරීම නිසා අධිවේගී මාර්ගයේ දිගු වේලාවක් වාහන තදබදයක් ද පැවතුණා.

පසුගිය වසරේ කර්නාටක ප්‍රාන්තයට පැවති දැඩි වර්ෂාපතනය හමුවේ ද ජලයෙන් යට වූයේ මේ පාලමයි.

“මගේ මරුටි ස්විෆ්ට් මෝටර් රථය ජලයෙන් යටවී තිබූ පාලමේ අඩක් දියේ ගිලී ගියා. එය ක්‍රියා විරහිත විය, පිටුපසින් පැමිණි ලොරියක් මගේ මෝටර් රථයට හැප්පුණා. මේකට වගකිව යුත්තේ කවුද? මගේ මෝටර් රථය අලුත්වැඩියා කර දෙන ලෙස මම මහ ඇමති බොම්මායිගෙන් ඉල්ලා සිටිමි. අධිවේගී මාර්ගය විවෘත කළා, එතුමාගේ මාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශයෙන්වත් බැලුවද, පාර විවෘත කිරීමට සූදානම්ද කියලා” යනුවෙන් ජනතාව චෝදනා කර තිබෙනවා.

අගමැති මෝදි පසුගිය 12 වනදා කිලෝමීටර් 118 ක් දිග බෙන්ගලුර්-මයිසුරු අධිවේගී මාර්ගය විවෘත කළ අතර එමඟින් ගමන් කාලය පැය තුනේ සිට විනාඩි 75ක් දක්වා අඩු වුණා.

මංතීරු හයේ මෙම මාර්ගය කලාපයේ සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා ක්‍රියා කරනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

Latest

ජනපති රනිල්ට නොතීසි

ජනාධිපති රනිල් වික්‍රමසිංහට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ...

ගම්පහ දුම්රිය ස්ථානයේ දිගු පෝලිම්

විශාල ජනකායක් එදිනෙදා භාවිතා කරන ගම්පහ දුම්රිය ස්ථානයේ කවුළු...

ගිණිකෙළි කර්මාන්තශාලවක ගින්නක් – දෙදෙනෙක් ජීවිතක්ෂයට

කිඹුලාපිටිය, වැරැල්ලවත්ත ප්‍රදේශයේ ගිණිකෙළි නිපදවන ස්ථානයක ඇති වූ ගින්නකින්...

පාතාල කෙරුමෙක් වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට

පසුගියදා මහබාගේ ප්‍රදේශයේ මස් අලෙවි සැලකදී පුද්ගලයෙකුට වෙඩි තබා...

Don't miss

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් – විපක්ෂ නායක

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් බවත් කතානායකවරයා දෙවරක්ම ආණ්ඩුක්‍රම...

රනිල් ජනපති අපේක්ෂකයා කිරීම පක්ෂයේ තීරණය නෙවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය...

මම පාර්ලිමේන්තුවේ කතා කරන්නේ පොඩි මිනිහාගේ ප්‍රශ්න

මේ මොහොත වනවිට මෙරට හරි අඩකට ආසන්න ප්‍රමාණයක් දුප්පත්...

රාත්‍රී ආර්ථිකය ගැන ඩයනා යළි කට අරියි

ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත්...

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නැහැ

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නොමැති බව පොදුජන පෙරමුණේ...

බර්කිනා ෆාසෝහි වෙඩි තැබීමක් – 15ක් ජීවිතක්ෂයට

බර්කිනා ෆාසෝහි වෙඩි තැබීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නැගෙනහිර නාටියාබෝනි ප්‍රදේශයේ දේවස්ථානයක සිදු වූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉස්ලාමීය...

පලස්තීන අගමැති ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි

පලස්තීනයේ අගමැති Mohammad Shtayyeh ඉල්ලා අස්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පලස්තීන අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය එරට ජනාධිපති මාමුද් අබ්බාස් වෙත යොමු කර ඇති බවයි. පලස්තීනයේ...

බංග්ලාදේශයේ අලින්ට අධිකරණ ආරක්ෂාව

දැඩි ලෙස වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති, අලි ඇතුන් හදාවඩා ගැනීම තහනම් කරමින් බංග්ලාදේශ අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අලි ඇතුන්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here