― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැන්ෂන් ගෙවන්න කෝටි 15ක් මුදලක් වැයවෙයි ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැන්ෂන් ගෙවන්න කෝටි 15ක් මුදලක් වැයවෙයි ?

විශ්‍රාම වැටුප් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 266 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන් වෙනවා.

මින් මන්ත්‍රීවරුන් 120 දෙනෙකු පමණ මියගොස් සිටින හෙයින් එම විශ්‍රාම වැටුප් ඔවුන්ගේ බිරින්දෑවරුන්( වැන්දඹුවන්) ලබා ගන්නා බව වාර්තා වේ.

විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් වෙනුවෙන් වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 15 කට ආසන්නය.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් විසි තුන් දෙනකුද විශ්‍රාම වැටුප ලබා ගන්නා බව සඳහන් කරන එම වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ ස්වාමීන් වහන්සේලා පස් දෙනකුද විශ්‍රාම වැටුප් ලබන බව සඳහන්.

එල්ලාවල මේධානන්ද, උඩුවේ ධම්මාලෝක, කොටපොල අමරකීර්ති,අක්මීමන දයාරත්න, අපරැක්කේ පුඤ්ඤානන්ද එම ස්වාමීන් වහන්සේලා වෙති.

විශ්‍රාම වැටුප් ලබන කලාකරුවන්වන හිටපු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 4කි. මාලනී ෆොන්සේකා, ජීවන් කුමාරතුංග, උපේක්ෂා ස්වර්ණමාලි සහ රන්ජන් රාමනායක එම සිවු දෙනා වෙති.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන මන්ත්‍රීවරු දෙදෙනෙක්ද විශ්‍රාම වැටුප් ලබති. අර්ජුන රණතුංග සහ සනත් ජයසූරිය එම දෙදෙනාය.

එම වාර්තාවේ දැක්වෙන අන්දමට විශ්‍රාම වැටුප් ලබා ගන්නා හිටපු කාන්තා මන්ත්‍රීවරියන් සංඛ්‍යාව 15කි.

දේශපාලන, ආගමික සහ කලා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි විද්වතකු මෙන්ම සන්නිවේදකයකු වන ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතා ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අතර ඔහුටද විශ්‍රාම වැටුපක් හිමි වන්නේය.