11.1 C
London
Thursday, March 23, 2023

“පුංචි මහත්තයා කපුමහත්තයා” ගේ ඝා+තනයට බිරිඳ සමඟ 52 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට

රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශයේ රුවන්වැල්ල – නිට්ටඹුව ප්‍රධාන මාර්ගයේ තිබී ඝාතනයට ලක්වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් පසුගිය 10 වනදා රුවන්වැල්ල පොලිසිය විසින් සොයා ගත්තා.

එම පුද්ගලයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එලෙස අත්අඩංගුවට ගැනුණු කාන්තාව ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳවන අතර, අනෙක් පුද්ගලයින් දෙදෙනා විශ්‍රාමික හමුදා සෙබළෙක් සහ ත්‍රිරෝද රථ රියදුරෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාර බිරිඳ ඊයේ (18) දහවල් ගොඩකවෙල, ගල්වින්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් අතර, ඝාතනයේ ප්‍රධාන සැකකරු වන විශ්‍රාමික හමුදා සෙබළා අද (19) පෙරවරුවේ අවිසසාවේල්ල නගරයේ දී සහ ත්‍රිරෝද රථ රියදුරා වේයන්ගොඩ ප්‍රදේශයේ දීත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා ගොඩකවෙල, ගල්වින්න ප්‍රදේශයේ පදිංචි ‘පුංචි මහත්තයා කපුමහත්තයා’ නමින් හඳුන්වන තැනැත්තෙක් බවයි වාර්තා වුණේ.

ඔහුගේ 46 හැවිරිදි බිරිඳ සහ වතුපිටිවල, රණවිරු ගම්මානයේ පදිංචිව සිටි සැකකාර විශ්‍රාමික හමුදා සෙබළා අතර පැවති අනියම් සම්බන්ධතාවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි මේ වනවිට කරුණු අනාවරණය වී ඇත්තේ.

සැකකාර විශ්‍රාමික හමුදා සෙබළා තම මිතුරෙකු වන ත්‍රිරෝද රියදුරා සමඟ, ත්‍රිරෝද රථයකින් පැමිණ පුංචි මහත්තයා කපුමහත්තයා නමැති පුද්ගලයා පසුගියදා කැඳවාගෙන ගොස් ඇත්තේ වතුපිටිවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට ආරක්ෂාවක් සිදුකර දෙන ලෙස පවසමින්.

ඒ, සඳහා රුපියල් 60,000ක මුදලක් ද ලබාදෙන බවයි සැකකරු එහිදී පවසා ඇත්තේ.

එලෙස වතුපිටිවල ප්‍රදේශයට යන අතර තුර රුවන්වැල්ල – නිට්ටඹුව ප්‍රධාන මාර්ගයේ දී පුංචි මහත්තයා කපුමහත්තයා නමැති පුද්ගලයා සැකරුවන් දෙදෙනා විසින් තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති අතර, පසුව ඔහු මාර්ගයේ දමා ගොස් ඇති බවයි වැඩිදුරටත් කරුණු අනාවරණය කරගෙන ඇත්තේ.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ බිරිඳ පිළිබඳව සැකසිතූ රුවන්වැල්ල පොලිසිය එම පොලිස් ස්ථානයේ නිලධාරීන් කිහිප දෙනෙක් ඒ පිළිබඳව විමර්ශන සඳහා සිවිල් පුද්ගලයින් ලෙස ගොඩකවෙල, ගල්වින්න ප්‍රදේශයට යවා තිබෙනවා.

විමර්ශන සඳහා එහි ගිය නිලධාරීන්ට ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ බිරිඳ වැසිකිළිය තුළට ගොස් ලබාගත් දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් තොරතුරක් ලැබී තිබෙනවා.

එම තොරතුර අනුව සැකපිට අත්අඩංගුවට ගැනුණු කාන්තාව ඊයේ (19) රාත්‍රියේ ම රුවන්වැල්ල පොලිසියට රැගෙන ඒමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී ඇයගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේ දී ඇය අනියම් සම්බන්ධතාව පැවැත් වූ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන 52 හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබළා පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

පසුව පොලිසිය විසින් සැකකාර කාන්තාව ලවා ඔහුට දුරකථන ඇමතුමක් ලබදෙමින්, මිය ගිය සැමියාගේ මරණ සහතිකය ලබා ගැනීමට අද (19) දිනයේ අවිස්සාවේල්ල රෝහලට පැමිණෙන ලෙසයි දන්වා ඇත්තේ.

කාන්තාවගේ එම දුරකථන ඇමතුමට අනුව අද (19) පෙරවරුවේ අවිස්සාවේල්ල රෝහලට පැමිණි සැකකරු රුවන්වැල්ල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඝාතනය පිළිබද තවත් කරුණු රැසක් අනාවරණය වී ඇති අතර,මෙම ඝාතනය සහාය වූ ත්‍රිරෝද රථ රියදුරා සම්බන්ධයෙන් ද සැකකරු අනාවරණය කර ඇති බව සඳහන්.

එහිදී ඔහු පවසා ඇත්තේ තමන් එම ත්‍රිරෝද රථ රියදුරුට රුපියල් 2,000ක හිඟ මුදලක් ඝාතනය සිදුකළ දින ත්‍රිරෝද රථයේ ගිය කුලී ගාස්තුව වශයෙන් ලබදීමට ඇති බවයි.

ඒ, අනුව ක්‍රියාත්මක වූ පොලිසිය එම හිඟ මුදල් ලබා ගැනීමට පැමිණෙන ලෙස දන්වා ත්‍රිරෝද රථ රියදුරාට ප්‍රධාන සැකකරු ලවා ඇමතුමක් ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

එම දුරකථන ඇමතුමට අනුව සැකකාර ත්‍රිරෝද රථ රියදුරා අද (19) දහවල් වේයන්ගොඩ නගරයට පැමිණෙන බව දන්වා ඇති අතර, ඔහු රුපියල් 2,000ක හිඟ මුදල ලබා ගැනීමට එලෙස පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා අද (19) දිනයේ රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව සඳහන්.

Latest

විදේශ හා අධිකරණ ඇමතිවරු දකුණු අප්‍රිකාවේ සංචාරයක

විදේශ අමාත්‍ය අලි සබ්රි සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ...

රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක්

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින්...

ඩොලරය ඉහළට

අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු...

බන්දුලට ඉල්ලා අස් වෙන්නැයි රතු එළියක්

බස්‍ රථ අමතර කොටස් සහ ඒවායේ සේවා ගාස්තු අඩු...

Don't miss

රනිල්ව ජනපති කළේ බැසිල් – ඉන්දික අනුරුද්ධ

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීමට යෝජනා කළේ පොදුජන පෙරමුණු...

රනිල්ව විශ්වාස කරලා තමයි IMF එකෙන් ණය ලබාදුන්නේ – හිරුණිකා

රනිල් වික්‍රමසිංහ තනි පුද්ගලයකු ලෙස විශ්වාස කර ජාත්‍යන්තර මුල්‍ය...

ඩී.එස්. සේනානායක දර්ශනය ක්‍රියාත්මක කළ සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වුණා – ජනපති

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි...

IMF කොන්දේසිවල විරුද්ධ විය යුතු කොන්දේසි තියෙනවා කියලා මම හිතන්නෑ – සිරිසේන

මුල්‍ය අරමුදලේ මූලික කොන්දේසි දහයේ විරුද්ධ විය යුතු කොන්දේසියක්...

මහින්දානන්ද අලුත්ගමගේට සභාපති ධුරයක්

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක...

2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන ඇසෙන අලුත්ම ආරංචිය

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මාසයේ 05 වනදා ආරම්භවීමට වැඩි ඉඩකඩක් පවතින බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබේ. එම තරගාවලිය නොවැම්බර් මස 19...

අරලියගහ මන්දිරයේ තිබූ ලේ පැල්ලම් ගැන වාර්තාවක් ඉල්ලයි

අරගලය පැවති සමයේ අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි දේපල විනාශ කිරීමේ සිද්ධියට අදාළව මන්දිරයේ තිබූ ලේ සාම්පල් පහක් සම්බන්ධයෙන් වන වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන...

රාමසාන් උපවාසය 24 වැනිදා ඇරඹෙයි

ලබන 24 වැනිදා සිට රාමසාන් උපවාසය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. අද දිනයේ නව සඳ දර්ශනය නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here