― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeWorldඇමරිකාවට එරෙහිව අවිගන්න උතුරු කොරියානු සෙබළුන් ලක්ෂ 8ක් සීරුවෙන්

ඇමරිකාවට එරෙහිව අවිගන්න උතුරු කොරියානු සෙබළුන් ලක්ෂ 8ක් සීරුවෙන්

ඇමරිකාව සමඟ යුද්ධයකට සූදානමින්, ලක්ෂ 8 ක සෙබළුන් පිරිසක් සීරුවෙන් තබා ඇතැයි උතුරු කොරියානු රජය පවසා තිබේ.

මෙම පිරිස අතර සිටින වැඩිදෙනා ස්වචේඡාවෙන් හමුදාවට එක් වුණු වැසියන් බවත්, ඔවුන් අතර, සරසවි ශිෂ්‍යයන් සහ කම්කරුවන් බවත් උතුරු කොරියානු රජය නිකුත් කළ නිවේදනවල දැක්වෙයි.

මේ වනවිට ඇමරිකාව, දකුණු කොරියාව ද හවුල් කර ගනිමින්, උතුරු කොරියාවට තර්ජනයක් වන ආකාරයට දැවැන්ත යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.

උතුරු කොරියාව ද ඇමරිකාවට සහ දකුණු කොරියාවට තර්ජනයක් වන ආකාරයට දිගින් දිගටම බැලැස්ටික මිසයිල අත්හදා බලයි. එහෙයින්, ඕනෑම මොහොතක ඇමරිකාව සහ උතුරු කොරියාව අතරේ යුද ගැටුමක් නිර්මාණය වීමට ඉඩ ඇතැයි යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.