26.1 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරිය අනතුරකින් පියා සහ පුත්‍රයා ජීවිතක්ෂයට

රිය අනතුරකින් පියා සහ පුත්‍රයා ජීවිතක්ෂයට

සීදුව පඤ්ඤානන්ද විද්‍යාලය ආසන්නයේදී සිදුවූ අනතුරකින් පාපැදියක ගිය පුද්ගලයෙකු සහ ඔහුගේ කුඩා දරුවා ජීවිතක්ෂයට පත්වි තිබෙනවා.

ඊයේ රාත්‍රී සීදූව කොටුගොඩ මාර්ගයේදී සීදූව දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි පාපැදයක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ පිය පුතු දෙදෙනා සීදූව විජය කුමාරතුංග රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

සීදූව රද්දොලුව ප්‍රදේශයේ පදිංචි ඔවුන් දෙදෙනා අවුරුදු 45 සහ 14 වයස්වල පසු වනවා.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර සීදූව පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.