― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportනවසීලන්ත පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ වෙයි

නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි (19) .

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 164ක සීමාකිරීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්විය.

ඒ අනුව ලකුණු 416ක් පසුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිල මීට සුළු මොහොතට පෙර කිසිවෙකු නොදැවී ලකුණු 23ක් ලබා සිටියේය.

ඊයේ (18) දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් දැවි ලකුණු 26ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වු නායක දිමුත් කරුණාරත්න රැස් කළ ලකුණු සංඛ්‍යාව 89කි.

දිනේෂ් චන්දිමාල් ලකුණු 37කට දැවී ගියේය.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ නිශාන් මදුෂ්ක රැස්කළේ ලකුණු 19ක් පමණි.

පන්දු යැවීමේදී මැට් හෙන්රි සහ මයිකල් බ්‍රේස්වල් කඩුලු 3 බැගින් බිඳහෙළීය.