26.7 C
Colombo
Saturday, April 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුහුණු සරසවියේ සිසුන් දෙදෙනෙක් පොලීසියට බාරවෙයි

රුහුණු සරසවියේ සිසුන් දෙදෙනෙක් පොලීසියට බාරවෙයි

රුහුණු විශ්ව විද්‍යාලයේ ඉකුත් මස 26 වැනිදා ඇතිවූ ගැටුමට සම්බන්ධ සිසුන් දෙදෙනෙකු නීතිඥයකු මාර්ගයෙන් කඹුරුපිටිය පොලිසිය වෙත භාර වී තිබෙනවා.

රුහුණු විශ්ව විද්‍යාලයේ කඹුරුපිටිය තාක්ෂණ පීඨයේ නේවාසිකාගාර පාලකට ඉකුත් මස 26 වැනිදා සිසුන් පිරිසක් පහර දී තිබුණේ බහින්බස් වීමක් මුල් කරගෙනයි.

එම පහරදීමට සම්බන්ධව හඳුනාගත් මෙම සිසුන් දෙදෙනාට පොලිසියට භාරවන ලෙසට කළ දැනුම්දීමට අනුව ඔවුන් ඊයේ නීතිඥයකු මාර්ගයෙන් පැමිණ පොලීසියට භාරවී තිබුණා.

දෙවන වසරේ ඉගෙනුම ලබන හෙට්ටිපොල සහ කඩිගමුව ප්‍රදේශයේ පදිංචි සිසුන් දෙදනා අද කොටවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.