― political ―

පාසල්වලට ගොඩක් දේවල් නැති වුණේ දේශපාලඥයෝ නිසා

මේ වනවිට ක්‍රම ක්‍රමයෙන් සංචාරක කර්මාන්තය ඉදිරියට යමින් විදේශිකයන් විශාල ප්‍රමාණයක් අප රටට එන්නට පටන් ගෙන ඇති මොහොතක මේ රජය විදේශිකයන්ගේ වීසා ගාස්තුව හිටි...
HomeNewsතේ දල්ලෙන් ළදරු සබන් නිපදවයි

තේ දල්ලෙන් ළදරු සබන් නිපදවයි

ඖෂධීය ගුණයෙන් සමන්විත තේ දලුවල සාරය යොදා ගනිමින් ළදරු සබන් නිෂ්පාදනය කිරීමට තලවකැලේ තේ පර්යේෂණ ආයතනය සමත්ව තිබේ.

මෙම සබන් වර්ගය නිෂ්පාදනය කර ඇත්තේ නැවුම් තේ දලුවල සාරය යොදා ගනිමින් වන අතර ඊට නැවුම් සුවඳක් එක් කිරීම සඳහා කළු තේ සුවඳ සහ විෂබීජ නාශකයක් ලෙස භාවිත කරන මෙතිල් සැලිසිලේට් භාවිත කර ඇති බවයි ඔවුන් පවසන්නේ.

මෙම සබන් වර්ගය භාවිතයෙන් ළඳරු සමට කිසිදු හානියක් නොවන බවත් මේ වනවිටත් මෙම නිෂ්පාදනය පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමට යොමුකර ඇති බවත් තේ පර්යේෂණ ආයතනය පවසයි.