33.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතේ දල්ලෙන් ළදරු සබන් නිපදවයි

තේ දල්ලෙන් ළදරු සබන් නිපදවයි

ඖෂධීය ගුණයෙන් සමන්විත තේ දලුවල සාරය යොදා ගනිමින් ළදරු සබන් නිෂ්පාදනය කිරීමට තලවකැලේ තේ පර්යේෂණ ආයතනය සමත්ව තිබේ.

මෙම සබන් වර්ගය නිෂ්පාදනය කර ඇත්තේ නැවුම් තේ දලුවල සාරය යොදා ගනිමින් වන අතර ඊට නැවුම් සුවඳක් එක් කිරීම සඳහා කළු තේ සුවඳ සහ විෂබීජ නාශකයක් ලෙස භාවිත කරන මෙතිල් සැලිසිලේට් භාවිත කර ඇති බවයි ඔවුන් පවසන්නේ.

මෙම සබන් වර්ගය භාවිතයෙන් ළඳරු සමට කිසිදු හානියක් නොවන බවත් මේ වනවිටත් මෙම නිෂ්පාදනය පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමට යොමුකර ඇති බවත් තේ පර්යේෂණ ආයතනය පවසයි.