26.7 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇඳට සවි කළ ලී වැටෙන් සැඟවී ආ මාරයා බිළිඳියක් බිලි ගනී

ඇඳට සවි කළ ලී වැටෙන් සැඟවී ආ මාරයා බිළිඳියක් බිලි ගනී

ඌව පරණගම මස්පන්න වෙලේකඩේ ප්‍රදේශයේ නිවසක ඇඳක සවිකර තිබූ ලී වැටක සිරවීමෙන් මාස හතක බිළිඳියක් මියගොස් තිබෙනවා.

බිළිඳියගේ මව නිවසෙන් බැහැරට ගොස් සිටි අවස්ථාවක මේ අනතුර සිදුව ඇති බවයි ඌව පරණගම පොලිසිය පැවසුවේ.

ඇය නිවසට පැමිණ බිළිඳිය පරික්ෂා කරන අවස්ථාවේදී ඇයගේ සිරුර ඇඳේ ලී වැටේ සිරවී ඇති අන්දම දැක තිබෙනවා. අනතුරුව බිළිඳිය කඩිනමින් වැවේගම රෝහලට රැගෙන ගොස් ඇති නමුත් දරුවා බේරාගැනීමට හැකිවී නැහැ.