22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසැඩ පහරට හසු වූ දරු දෙදෙනාගේ සිරුරු හමුවෙයි

සැඩ පහරට හසු වූ දරු දෙදෙනාගේ සිරුරු හමුවෙයි

හාලිඇල බෝගොඩ ප්‍රදේශයේ කුලී වැඩට ගිය මව සොයා යාමේදී පිහිල්ලේ දිය කඳුරෙන් එගොඩවීමට ගොස් සැඩ දිය පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන් වූ අයියාගේ සහ නංගිගේ සිරුරු හමු වූ බව හාලිඇල පොලීසිය පවසයි.

නංගිගේ මළසිරුර කිලෝමීටරයක් පමණ දුරකින් පිහිටි දොඩම්ගොල්ල කදුරේ ලී කොටයක සිරවී තිබියදී සොයාගෙන ඇති අතර අයියාගේ මළ සිරුර කිලෝමීටර් එකහමාරක් පමණ දුරින් ඔය පහරේ තිබියදී සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.

ඊයෙ (23) පාසල් ගොස් නිවසට පැමිණ ඇති මොවුන් දෙදෙනා සවස පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ බියවී කුලී වැඩට ගිය සිය මව සොයාගෙන නිවසට නුදුරින් එගොඩ ගොඩේ නිවසකට යාම සදහා බෝගොඩ පිහිල්ලේ දිය කදුරෙන් එගොඩවීමට යාමේදී මෙසේ සැඩ දිය පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ.