26 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorld2030දී ඉන්දියාව පුරා 6G සේවාව

2030දී ඉන්දියාව පුරා 6G සේවාව

ඉදිරි වසර 7 තුළ ඉන්දියාවේ 6G සේවා ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

ඔහු මේ බව පැවසුවේ දිල්ලි නුවර නව ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ කලාපීය කාර්යාලය සහ නවෝත්පාදන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඒ සඳහා වන පරීක්ෂණ කටයුතු ඉන්දියාව තුළ ආරම්භ කර ඇති බවයි ඔහු එහිදී කියා සිටියේ. 2030 වනවිට ඉන්දියාව පුරා 6G සේවාව දියත් කිරීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.