27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපුවත්පතකට එරෙහිව හැරී කුමරු නඩු මඟට

පුවත්පතකට එරෙහිව හැරී කුමරු නඩු මඟට

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු විසින් ඩේලි මේල් පුවත්පතේ ප්‍රකාශකයාට එරෙහිව නඩුවක් ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (27) බ්‍රිතාන්‍යයේ හැරී කුමරු, ගායක එල්ටන් ජෝන් සහ තවත් පස් දෙනෙකු විසින් ලන්ඩන් මහාධිකරණයේදීයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.

වසර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ දුරකතන ඇමතුම් අනවසරයෙන් පටිගත කිරීම සහ පෞද්ගලිකත්වය හානි කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මුල් කරගනිමින් මෙම නඩුව ගොනු කර තිබේ.

ඔවුන් චෝදනා කරන්නේ ඉරිදා දින ඩේලි මේල් සහ ද මේල් යන පුවත්පත් වෙනුවෙන් සේවය කරන මාධ්‍යවේදීන් හෝ පෞද්ගලික විමර්ශකයින් විසින් සිදු කරන ලද “නීති විරෝධී ක්‍රියා රාශියකට” ඔවුන් ගොදුරු වූ බව‍යි.

ජංගම දුරකථන පණිවිඩ සඳහා අනවසරයෙන් ඇතුළුවීම, ඇමතුම් පටිගත කිරීම, වෛද්‍ය වාර්තා වැනි පුද්ගලික තොරතුරු ලබා ගැනීම සහ පෞද්ගලික දේපල කැඩීම සහ ඇතුල්වීම සිදු කිරීම, මෙයට ඇතුළත් බව ඔවුන්ගේ නීතීඥ ඩේවිඩ් ෂර්බෝන් පැවසීය.

#skynews