27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරත්නපුර නිවසකින් කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි

රත්නපුර නිවසකින් කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි

රත්නපුර, බටුවත්ත ප්‍රදේශයේ නිවසක තිබී කාන්තාවකගේ මළ සිරුරක් රත්නපුර පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

78 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකගේ මළ සිරුරක් මෙලෙස සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම නිවස තුළ සහෝදරියන් දෙදෙනෙකු ජීවත්ව ඇති අතර ඉන් එක් අයෙකුගේ සිරුරයි මෙලෙස සොයාගෙන ඇත්තේ.

නිවසේ ජීවත් වූ අනෙක් කාන්තාවද නිවස තුළ බැඳ දමා සිටියදී හමුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. කිසියම් පිරිසක් ඊයේ (27) රාත්‍රියේ හෝ අද (28) අලුයම මෙම නිවසට ඇතුළු වී ඇති බවට පොලිසිය සැකපළ කරනවා.

සොයාගත් මෘත ශරීරය මේ වනවිට රත්නපුර රෝහල වෙත යොමුකර ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.