29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුටි කෙළියකින් අවසන් වූ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය

ගුටි කෙළියකින් අවසන් වූ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය

කිලිනොච්චිය, ශාන්තිපුරම්, කලෙයිමගල් විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අතරතුර ඊයේ (30) ඇතිවූ ගැටුමකින් පස්දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබුවන් අතර පාසල් දැරියන් දෙදෙනෙකු හා ප්‍රදේශයේ තරුණයින් තිදෙනෙකු වන බව කිලිනොච්චිය පොලිසිය පැවසුවා.

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය බැලීමට පැමිණි තරුණ දෙපාර්ශවයක් අතර ඊයේ බහින්බස් වීමක් සිදුවී ඇති අතර එය පසුව ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇති බව පොලිසිය පැවසුවා.

තරුණයින් ලී හා යකඩ බටවලින්ද පහරදීමක් සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ. ගැටුමට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.