― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු නඩුවේ චෝදනා 23270කින් 13ක් කියවා දෙයි

පාස්කු නඩුවේ චෝදනා 23270කින් 13ක් කියවා දෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් විත්තිකරුවන්ට චෝදනා කියවා දීම කොළඹ මහාධිකරණය හමුවේ අද ආරම්භ වුණා.

දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි මෙම චෝදනා කියවා දීම සිදු කරනු ලැබුවේ.

චෝදනා කියවා දීම සිදු කළ අවස්ථාවේ දී බන්ධනාගාර ගත කර සිටින නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

නඩුවේ අන්තර්ගත චෝදනා 23270ක් අතුරින් චෝදනා 13ක් අද දින විවෘත අධිකරණයේ කියවා දෙනු ලැබූ අතර එම චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බවයි විත්තිකරුවන් ප්‍රකාශ කළේ.

ඉන් අනතුරුව වැඩිදුර චෝදනා කියවා දීම මැයි මස 24 වනදා දක්වා කල් තැබුණා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270ක් යටතේ නවුෆර් මව්ලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන්,හා මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා.