30.6 C
Colombo
Sunday, May 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාපනයෙන් ගෙලේ කැපුම් තුවාල සහිත මළ සිරුරක්

යාපනයෙන් ගෙලේ කැපුම් තුවාල සහිත මළ සිරුරක්

කොඩිකාමම් පොලිස් වසමට අයත් මිරුසුවිල් කරඹගම් ප්‍රදේශයේදී කැපුම් තුවාල සහිත මළ සිරුරක් අද පෙරවරුවේ සොයා ගැනුණා.

කරඹගම් ප්‍රදේශයේ පදිංචි සිවසෝති සිවකුමාර් (43) නමැති දෙදරු පියෙකි.

පසුගිය වසර දෙකක පමණ කාලයක සිට පවුලේ අයගෙන් වෙන්ව ජීවත් වන මොහු වත්තේ නැවතී සිටීම පුරුද්දක් කරගෙන ඇත.

මෙම තත්ත්වය තුළ ඔහුගේ ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල සහිත මළ සිරුර අද පෙරවරුවේ සොයාගනු ලැබූ අතර කොඩිකාමම් පොලිසිය එම ස්ථානයේදීම පරීක්‍ෂණ ආරම්භ කර ඇත.