26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅතරමැදි ශ්‍රේණිවලට ළමුන් ඇතුළත් කිරීම ගැන දැනුම්දීමක්

අතරමැදි ශ්‍රේණිවලට ළමුන් ඇතුළත් කිරීම ගැන දැනුම්දීමක්

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව එම පාසල්වල 02 ශ්‍රේණියේ සිට 04 වන ශ්‍රේණිය සහ 07 වන ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය යන අතරමැදි ශ්‍රේණිවල පන්ති සඳහා ළමුන් ඇතුළත් කිරීමේ දී ජාතික පාසල් දැනුම්වත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ චක්‍රලේඛන අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම් අප්‍රේල් මස 21 දිනෙන් පසුව සිදුකරන බවයි.

එතෙක් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලිපි නිකුත් කරනු නොලබන බව ද අදාළ නිවේදනයේ සඳහන්.