ආයුර්වේද සම්බාහන ශිල්පීන් උදෙසා ජාතික වෘත්තීය නිපුණතා මට්ටම් 04 (NVQ LEVEL 04) සඳහා ජාතික ආයුර්වේද සම්බාහන විෂය නිර්දේශය හඳුන්වා දී තිබේ.
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් මෙම විෂය නිර්දේශය හඳුන්වාදීම සිදුකෙරිණි.
“අද ලංකාවේ හැමතැනම SPA කියලා දැන්වීම් ගහලා තියෙනවා, හැබැයි ඒ පැත්තකින් වත් යන්න ලැජ්ජයි. ඒවා සම්භාහන මධ්‍යස්ථාන නෙවෙයි. ඒ තරම් මේ විශිෂ්ඨ වෛද්‍ය ක්‍රමය ලංකාවේ විකෘති කරලා තියෙන්නේ. ඒ නිසා අපි අලුත් මොඩලයක් හඳුන්වාදෙන්න අවශ්‍යයි. ඒක අපි හැමෝම කතාවෙලා කළ යුතුයි.
මේ පාඨමාලාව අද මෙහෙම එළිදැක්වීමට හැකිවුණත් අපි කණගාටුවිය යුතු කාරණාවක් තියෙනවා. අපි මේක ආරම්භ කරන්න සාකච්ඡා කළේ 2008 වසරේදී, මේ 2023 අවුරුදු 15ක් ගියා මේ වැඩේ අපිට කරන්න මම මේ පාර්ලිමේන්තුවට යන හැම දවසකම හරිම වේදනාවන්ට සහ අපහාසයන්ට ලක්වුණා. මේ දිනවල ලක්ෂ පහළොවක් විදේශීය සංචාරකයින් මෙරටට ඇවිල්ලා තියෙනවා. ඒ එන සංචාරකයන්ගෙන් ඩොලර් දහයක් අය කරලා ශීර්ෂ සම්භාහනයක් කළොත් කොපමණ විදේශ විනිමයක් ලබාගන්න පුළුවන් ද ? අපේ රටේ අද පුරුදුවෙලා තියෙන්නේ යමක් නොකර ඉන්න මිසක් යමක් සිදුකරන්න ක්‍රමවේදයක් හොයන්න නෙවෙයි, අද ආයුර්වේදය තුළ ඒක වෙනස්වෙලා තියෙනවා. වෙනස් වෙමින් පවතිනවා. මේ රටේ සක්‍රීයම අමාත්‍යාංශය දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ඒකේ කිසි සැකයක් නෑ.“


