එළඹෙන අවුරුදු සමය හේතුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන කෝටාව ඉහළ දමන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
මීට පෙර සැලසුම් කළ අයුරින් මෙලෙස වැඩිකරන ඉන්ධන කෝටාවට අවශ්‍ය තරම් ඉන්ධන ඇනවුම් කර මේ වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.


