31.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය බිත්තර ජනතාවට විකිණීමට අවසර නැහැ

ඉන්දීය බිත්තර ජනතාවට විකිණීමට අවසර නැහැ

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර ජනතාවට අලෙවි කිරීමට මෙතෙක් අවසර ලබා දී නොමැති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති අසිරි වලිසුන්දර පැවසීය.

අවසරය ලැබුණහොත් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරන බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර බිත්තර මිලියනයක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. නෞකාවේ ඇති බිත්තර සඳහා පශු සම්පත් නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාගත යුතු බව ඔහු සඳහන් කළේය.

එම බිත්තර හෙට පශු සම්පත් නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත භාරදෙන බවයි සභාපතිවරයා අවධාරණය කළේ.