29 C
Colombo
Sunday, May 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදියර කිරි බී පෙරපාසල් ළමුන් 12ක් රෝහලට

දියර කිරි බී පෙරපාසල් ළමුන් 12ක් රෝහලට

පෙරපාසල් කාලයේ ලබාදුන් රස කළ කිරි වර්ගයක් පානය කිරීමෙන් පෙරපාසල් ළමුන් 12 දෙනෙක් රෝහල්ගත කර තිබේ.

මෙලෙස කිරි පානය කිරීමෙන් පසු ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් කිලිනොච්චිය, භාරතීපුරම්හි පෙරපාසලක දරු දැරියන් ලෙස වී ඇති අතර ඔවුන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇත.

මෙම දියර කිරි වර්ගය පානය කිරීමෙන් අනතුරුව දරුවන්ට ක්ලාන්තය, වමනය සහ බඩ රිදුම් ඇතැළු විවිධ ආසාත්මික රෝගී තත්වයක් හටගෙන ඇති බවයි මෙම ළමුන්ගේ දෙමාපියන් පැවසුවේ.

කිලිනොච්චිය රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසූයේ රෝගීවූ දරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔවුන් තවදුරටත් කිලිනොච්චිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්ය.