26.7 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldලොව විශාලතම රතු මැණික වෙන්දේසියේ

ලොව විශාලතම රතු මැණික වෙන්දේසියේ

ලොව විශාලතම රතු මැණික ජූනි මස 08 වැනිදා ඇමරිකාවේ නිව්යෝර්ක්හිදී වෙන්දේසියේ විකිණීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෝතිබීස් මැග්නිෆිෂන්ට් ජුවෙල්ස් නම් ආයතනය මගින් මෙම වෙන්දේසිය සිදුකරන අතර එම මැණික ‘එස්ටේ‍රලා ඩි ෆුරා’ ලෙස නම් කර තිබේ. මෙම රතු මැණික කැරට් 55.22ක බරකින් යුක්ත වේ.

මෙය වේන්දේසිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 30ක මුදලකටයි. එය එම මිලට අළෙවි වුවහොත් ලොව වැඩිම මිලක් නියම වූ රතු මැණික ලෙස ඉතිහාසයට එක්වීමටද නියමිතය.

මෙම රතු මැණික පසුගිය වසරේ ජූලි මාසයේදී මියන්මාරයෙන් සොයා ගත් අතර පසුව එය මූලික අලෙවි කිරීම්වලින් පසු කපා ඔප දමා මෙලෙස වෙන්දේසිය සදහා ඉදරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.