― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොත්මලේ ඔයේ මත්ස්‍යයින් මිය යයි

කොත්මලේ ඔයේ මත්ස්‍යයින් මිය යයි

කොත්මලේ ඔයේ සිටින මසුන් හදිසියේ මිය යන බව නිරීක්ෂණය වී ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නිශ්ශංක විජේවර්ධන පැවසීය.

ඔහු අවධාරණය කළේ මෙම මසුන් මියයෑමට නිශ්චිත හේතුවක් මේ වන තෙක් අනාවරණය වී නොමැති බැවින් මියගොස් සිටින මසුන් ආහාරයට ගැනීම හෝ අලෙවි කිරීම සිදු නොකරන ලෙසයි.

මෙලෙස මසුන් මියයාමට හේතුව කුමක්ද යන්න විමර්ශනය කිරීම සඳහා ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රිෂි තුරෙයිරාජා මහත්මිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පිරිසක් එම ප්‍රදේශයට යොමුකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මීට අමතරව කොත්මලේ ඔයේ ජල සාම්පල සහ මියගිය මත්ස්‍යයින් කිහිප දෙනෙකු පේරාදෙණිය, ගන්නෝරුවේ පිහිටි පසු පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත.