28.4 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපුටින් යුක්‍රේනයේ Kherson නුවර සංචාරයක

පුටින් යුක්‍රේනයේ Kherson නුවර සංචාරයක

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනයේ Kherson ප්‍රදේශයේ තම හමුදාවන් සිටින ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු හමුදාපතිවරුන්ගේ අණදෙන රැස්වීමකටද සහභාගි වී ඇති අතර රුසියාව විසින් පසුගිය වසරේ ඈඳා ගත් Kherson කලාපයට මෙන්ම Luhansk ප්‍රදේශයට ද රුසියානු ජනාධිපතිවරයා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය මාර්තු මාසයේදී මරියුපෝල් නගරයට හදිසි සංචාරයක් කළ ද රුසියානු නායකයාගේ මෙවැනි චාරිකා දුර්ලභ බවයි එම වාර්තා සඳහන් කරන්නේ.

Kherson වෙත සංචාරය සිදු වූයේ කවදාදැයි නොදන්නා නමුත් රුසියානු මාධ්‍ය වාර්තා කරන්නේ මොස්කව් රුසියාවේ කොටසක් ලෙස ප්‍රකාශ කර ඇති Zaporizhzhia කලාපයේ තත්ත්වය පිළිබඳව ද රුසියානු ජනාධිපතිවරයා විමසූ බවයි.