― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරිදියගම සෆාරි උද්‍යානය ගැන CIDයට පැමිණිල්ලක්

රිදියගම සෆාරි උද්‍යානය ගැන CIDයට පැමිණිල්ලක්

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටි සහ වර්තමානයේ සේවයේ නිරත නිලධාරීන්ගෙන් යම් අනීතික ක්‍රියාවක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් නෛතික පියවර ගන්නා ලෙස ඉල්ලමින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

රිදියගම සෆාරි උද්‍යානය පිළිබඳව විවිධ පුද්ගලයින් සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය හරහා විවිධ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බවත් මෙම කරුණු සම්බන්ධයෙන්ද විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙන බවද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.