29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldරාහුල් ගාන්ධිගේ පෙත්සම අධිකරණයෙන් ඉවතට

රාහුල් ගාන්ධිගේ පෙත්සම අධිකරණයෙන් ඉවතට

ඉන්දීය කොංග්‍රස නායක රාහුල් ගාන්ධි විසින් ගොනුකර තිබූ පෙත්සමක් ප්‍රතික්ෂේප කර ඇත.

අපහාස නඩුවකට වරදකරු කිරීම අත්හිටුවන ලෙස ඉල්ලා සිටිමිනුයි ඔහු මෙම පෙත්සම ගොනු කර ඇත්තේ. ගුජරාට් අධිකරණයේ මෙම තීරණයත් සමඟ එළඹෙන වසරේදී පැවැත්වීමට නියමිත මැතිවරණයට රාහුල් ගාන්ධිට තරග කිරීමට ඇති හැකියාව පිළිබඳව අවිනිශ්චිතතාව තවදුරටත් වැඩිවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

2019 වසරේ පැවති මැතිවරණ රැළියකදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගම පිළිබඳව සිදුකළ ප්‍රකාශයකින් රාහුල් ගාන්ධි සමස්ත මෝදි ප්‍රජාවටම අපකීර්තියක් සිදුකර ඇති බව පවසමින් භාරතීය ජනතා පක්ෂයේ නීති සම්පාදකයෙකු වන පූර්ණේෂ් මෝදි විසින් රාහුල් ගාන්ධිට එරෙහිව අදාළ නඩුව පවරා තිබුණි.