29.5 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුර්ලභ වාලම්පුරියක් සමඟ වනජීවි නිලධායෙක් මාට්ටු

දුර්ලභ වාලම්පුරියක් සමඟ වනජීවි නිලධායෙක් මාට්ටු

මිල කළ නොහැකි වාලම්පුරියක් ළඟ තබා ගෙන සිටි බව කියන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සත්ව අඩවි සහකාරවරයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය පවසයි.

මීරිගම පොලිස් වසමේ අඹේපුස්ස රජයේ ගොවිපොල අසළදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොඩකලාන, ලෝලුවාගොඩ පදිංචි හතළිස් තුන් හැවිරිදි පුද්ගලයෙකි.

පුද්ගලයෙකු මිල කළ නොහැකි වාලම්පුරියක් ළඟ තබා ගෙන සිටින බවට වැලිසර නාවික හමුදා කඳවුරේ නිළධාරින් හට ලද තොරතුරකට අනුව මීරිගම පොලිස් ස්ථානයේ රාත්‍රි ජංගම සංචාරයේ නිලධාරින් කණ්ඩායම විසින් සිදු කරනු ලැබූ සෝදිසි කිරීමකදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මීරිගම පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.