26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුද්ගලයන් 3 දෙනෙකු සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි

පුද්ගලයන් 3 දෙනෙකු සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කරන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය මාර්තු මස 29 වනදා මිදිගම ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් හෝටල් හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

එම ඝාතනය සම්බන්ධයෙන් මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන අපරාධයට පැමිණි මෝටර් රථය ද සොයා ගනු ලැබුවා.

වැඩිදුරටත් සිදු කළ විමර්ශනවලදී මෙම අපරාධයට පැමිණි තවත් තුන්දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇති අතර එම සැකකරුවන් මේවන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි පොලිසිය කියාසිටියේ.

එම සැකකරුවන් සොයා ගැනීම සඳහායි පොලිසිය මහජන සහාය ඉල්ලා ඇත්තේ.