33.9 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅවුරුදු උත්සව කැත කළ පුද්ගලයින්ට වැඩ වරදී

අවුරුදු උත්සව කැත කළ පුද්ගලයින්ට වැඩ වරදී

අසීලාචාර අංග ඇතුළත් අවුරුදු උත්සව සංවිධානය කළ සංවිධායකවරුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බුද්ධශාසන සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා තීරණය කර ඇත.

එම උත්සව සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් යොදවා තොරතුරු සොයා බලා ගෙන යන බව බුද්ධ ශාසන අමාත්‍යංශය පවසයි.

අසීලාචාර අංග ඇතුළත් අවුරුදු උත්සව ගණනාවක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පවත්වා ඇති බවට බුද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත.

මේ සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට තීරණය කර ඇත්තේ ඉන් අනතුරුවය.

ලිංගික ක්‍රියාකාරකම් ඉස්මතු වන ආකාරයේ විශේෂාංග ඇතුළත් කරමින් එම අවුරුදු උත්සව සංවිධානය කර තිබූ බව පැවසේ.