― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldසුඩානයේ ගැටුම් උත්සන්න වෙයි

සුඩානයේ ගැටුම් උත්සන්න වෙයි

රාමසාන් උත්සවය මුල් කරගනිමින් සුඩානයේ ප්‍රකාශයට පත් කෙරුණු සටන් විරාමය අසාර්ථක වී තිබේ. 

මේ වනවිට කාටූම් නගරය පුරා බෝම්බ පිපිරීම් සහ වෙඩි තැබීම් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

රාමසාන් උත්සවය සැමරීම සඳහා ඊයේ(21) සුඩාන හමුදාව සහ අතුරු හමුදාව පැය 72ක සටන් විරාමයක් සදහා සිය එකඟතාවය පල කළේ ය. 

මීට පෙරත් අවස්ථා දෙකකදී, ගැටුම්වලින් පීඩාවට පත් සිවිල් වැසියන් සදහා සහන සැලසීමට කල් ලබා දීම වෙනුවෙන් සටන් විරාම සඳහා දෙපාර්ශවය එකඟ වූ නමුත් එය විනාඩි කිහිපයක් තුළදී අසාර්ථක විය.

හමුදා පාලනයක් යටතේ ඇති සුඩානය පසුගියදා සිවිල් රජයක් යටතට පත් කිරීම පිළිබඳව සලකා බැලීම හේතුවෙන් එරට අතුරු හමුදාවක් හමුදාවට එරෙහිව සටන් ආරම්භ කළේ ය. 

ගැටුම් හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 400 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර නගරයේ වාසය කළ බොහෝ පිරිස් සිය නිවෙස් අත්හැර දමා පලා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.