― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදත් නාවොත් දප්පුලට මොකද වෙන්නේ?

අදත් නාවොත් දප්පුලට මොකද වෙන්නේ?

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා පාස්කු ප්‍රහාර සිද්ධියේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ගැනීම සඳහා අද (24) දිනයේත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය 19 සහ 21 වනදා ඔහුට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පැමිණෙන ලෙස දන්වා තිබුණ ද ඔහු එම දිනවලදී පැමිණ සිටියේ නැහැ. ඔහු වෙනුවට නීතීඥවරුන් මාර්ගයෙන් කරුණු ඉදිරිපත් කර තිබුණා.

යම් හෙයකින් අද දිනයේ හිටපු නීතිපතිවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී නොසිටියහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.