30 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalපෙර කරුමයක් මගේ පස්සෙන් පන්නනවා - මෛත්‍රීපාල

පෙර කරුමයක් මගේ පස්සෙන් පන්නනවා – මෛත්‍රීපාල

පාස්කු ඉරුදින ප්‍රහාරයේ ත්‍රස්තවාදීන් සිටියදී තමා ඉලක්කකර ප්‍රහාර එල්ල කිරීම අසාධාරණ බව හිටපු ජනාධිපතිවරයා කොළඹදී ඊයේ (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද පැවැසීය.

මම පත්කරපු පාස්කු විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව බාර දෙන කොට හිටපු ජනාධිපතිතුමාට තවත් වාර්තාවක් දුන්නා මේක ප්‍රසිද්ධ කරන්න එපා කියලා. අන්න ඒව දෙන්නකෝ එළියට. එතකොට අපිට බලාගන්න පුළුවන් මොනවද තියෙන්නෙ කියලා. පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන තවමත් අවසන් නිගමනයක් නැහැ. මේක ඉක්මනට ඉවර කරලා මාව හිරේ දාන්න කාදිනල් තුමාට ලොකු වුවමනාවක් තිබෙනවා. එල්ලුම් ගස් යවන්න හරි. මේ පරීක්ෂණ තවමත් ඉවර නැහැ.

ලෝකයේ ඉහළම බුද්ධි අංශ ගණනාවක්ම මේ රටට ආවා. එංගලන්තය ඇමෙරිකාව සිංගප්පූරුව ඉන්දියාව ඊශ්‍රායලය යන රටවල. ඒ පරීක්ෂණවල තියෙන දේවල් අවශ්‍යයි.

සහරාන්ගේ ජංගම දුරකතනයේ තිබුණු දත්ත එක්තරා බුද්ධි අංශයට ගෙනියන්න දුන්නේ කවුද. අන්න ඒකෙ සමහර කරුණු ඇති. මේක නූල් බෝලයක් වගේ පැටලිච්ච එකක්. මේ වාර්තාව කතෝලික සභාවට දෙන්න ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවට දෙන්න.

දැන් මරාගෙන කන්න හදන්නෙ මාව විතරයි. බෝම්බ ගහපු උන් හිරේ ඉන්නවා. මම අල්ලපු එකසිය හැට ගාණක් හිර ඉන්නවා. ගෝඨාභය මහත්තයා දෙන්නෙක් නිදහස් කළා. සහරාන්ගෙන් නෝනා කියලා එක්කෙනෙක් නිදහස් කළා. දැන් කියනවා එයා නොවෙයි කියලා. මම සති තුනකින් සහරාන්ගේ ත්‍රස්තවාදී සංවිධානය විනාශ කළා. දැන් පෙර කරුමයක් මගේ පස්සෙන් එළවනවා. බෝම්බ ගහපු උන් හොඳට ඉන්නවා. උන්ට නඩු නඩු පවරපන්කෝ. කට්ටියක් ඊයෙ පෙරේදත් පාරවල් වල කෑ ගැහුවා. ඒත් බෝම්බ ගහපු අය ගැන මුකුත් කියන්නේ නෑ. ඒ අය හොඳට කාල බීල නාලා සබන් ගාලා හොඳට ඉන්නවා. කොන්ඩෙ කපා ගෙන. අපිට තමයි දෙන්න හදන්නේ වැඩේ. මේක වෙන ලයින් එකක්. ආරක්ෂක නිලධාරින් මේ ගැන ජනාධිපතිවරයා දැනුවත් කර නැති බව නඩු තීන්දුවේ පැහැදිලිව තියෙනවා. කවදහරි මේ සිද්ධියෙ ඇත්ත නැත්ත එළියට ඒවි.