25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනය ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනය ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (25) පාර්ලිමේන්තුවේදී අසන ලද පැනයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දින 10ක් ඇතුළත විභාගය තියා අවසන් කරන බවයි.

මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය පිළිබඳ කල්වේලා ඇතිව දැනුම්දෙන බවත් මේ වනවිට ප්‍රායෝගික පරීක්ෂණ අවසන් වී තිබෙන නිසා විභාග ප්‍රතිඵල ප්‍රමාදය අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.