27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඋගන්ඩාවේ රාජ්‍ය ඇමතිට ඇමති ආරක්ෂකගෙන් වෙඩි

උගන්ඩාවේ රාජ්‍ය ඇමතිට ඇමති ආරක්ෂකගෙන් වෙඩි

තමා ආරක්ෂාව සපයමින් සිටි රජයේ අමාත්‍යවරයෙක්ව වෙඩිතබා ඝාතනය කිරීමට උගන්ඩා හමුදා සෙබළෙක් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇත්තේ විශ්‍රාමික හමුදා කර්නල්වරයෙක් වන නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙසද කටයුතු කළ ඔකේලෝ එන්ගෝලායි. ඔහුගේ නිවස තුළදීම වෙඩි තබා ඔහු මරණයට පත්කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔහුට වෙඩි තැබූ හමුදා සෙබළාද වෙඩිතබා ගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.