25 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝකිළායි හි බුදු පිළිමයකට හානි කළ අයෙක් අත්අඩංගුවට

කෝකිළායි හි බුදු පිළිමයකට හානි කළ අයෙක් අත්අඩංගුවට

මුලතිව්, කෝකිලායි ප්‍රදේශයේ බුදු මැදුරක තිබූ බුද්ධ ප්‍රතිමාවකට හානි කළ පුද්ගලයෙකු කෝකිලායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෝකිලායි ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමාවක් කඩා දමා ඇති බවට පොලිසියට ලද තොරතුරකට අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර ඒ අනුවයි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව ප්‍රදේශයේ සිට කෝකිලායි ප්‍රදේශයට මසුන් ඇල්ලීම සදහා පැමිණ සිටි අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. ඔහු වයස අවුරුදු 33ක පුද්ගලයෙක් වන අතර සැකකරු සම්බන්ධයෙන් සහ සිද්ධිය සම්බන්ධයෙන් කෝකිලායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.