― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගල්ගමුව තැපැල් කාර්යාලයේ ලක්ෂ 16ක් කොල්ල කාලා

ගල්ගමුව තැපැල් කාර්යාලයේ ලක්ෂ 16ක් කොල්ල කාලා

ගල්ගමුව තැපැල් කාර්යාලය බිඳ එහි තිබූ රුපියල් ලක්ෂ 16කට ආසන්න මුදලක් කොල්ල කා ඇති බව වාර්තා වනවා.

පසුගිය දින දෙකේදී යෙදී තිබූ නිවාඩුවෙන් පසු අද (02) උදෑසන එහි සේවකයින් රාජකාරියට පැමිණ ඇති අතර එහිදී තැපැල් කාර්යාලය පිටුපස දොර විවෘත කර ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

ඉන් අනතුරුව එහි සේවකයින් දැක ඇත්තේ මුදල් දමා තිබූ සේප්පුව බිඳ දමා ඇති ආකාරයයි. පසුව ඔවුන් මේ සම්බන්ධයෙන් ගල්ගමුව පොලිසියට පැමිණිලිකර ඇති අතර එම පොලිස් නිලධාරීන් පැමිණ මංකොල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් තැපැල් කාර්යාලය තාවකාලිකව වසාදැමීම ද සිදු වූ බැවින් එමඟින් සේවාවන් ලබාගැනීමට පැමිණි පිරිස් අපහසුතාවයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.