31.7 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසම්බාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් අල්ලයි

සම්බාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් අල්ලයි

කාන්තාවක් විසින් තවත් කාන්තාවන් නව දෙනකු මුදලට අලෙවි කිරීමේ ජාවාරමක යෙදී සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසය කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති අතර පොලිසියට ලද තොරතුරක් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් උපාය දූතයෙකු කාන්තාවක් මුදලට මිලදී ගැනීමේ මුවාවෙන් යොදවා වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 20 සහ 43 අතර පසුවන මිද්දෙණිය කහටගස්තැන්න, ගංකන්ද, මැදවච්චිය බුත්තල, මොරටුව, පොතුවිල්, රක්වාන, රත්මලාන හා වාද්දුව පදිංචිකාරියන්ය.

සැකකාරියන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.