25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportපාකිස්ථානය ICC ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට

පාකිස්ථානය ICC ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට

නවසීලන්තයට එරෙහිව කරච්චිහිදී පැවැති සිව්වැනි එක්දින තරගය ජය ගැනීමෙන් පාකිස්තානය ICC පිරිමි එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට සමත් විය.

නවසීලන්තයට එරෙහිව කරච්චි හිදී පැවැති ද්විපාර්ශ්වික එක්දින තරගාවලියේ සිව්වැනි තරගයෙන් විශිෂ්ඨ ජයක් ලැබීමෙන් පසු පාකිස්තානය පිරිමි එක්දින තරගාවලියේ අංක 1 කණ්ඩායමයි.

තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදී 4-0ක් ලෙස පාකිස්තානය ඉදිරියෙන් සිටින අතර ප්‍රසාද ලකුණු 113ක් ලබා ගනිමින් පළමු ස්ථානයට පැමිණ තිබේ.

මෙම ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව පිළිවෙලින් 2 වන සහ 3 වන ස්ථානයේ පසුවනවා. තරගාවලිය ආරම්භයට පෙර පාකිස්තානය එක්දින ශ්‍රේණිගත කිරීම්හි ප්‍රසාද ලකුණු 106ක් ලබා පස්වැනි ස්ථානයේ පසු වීමද විශේෂත්වයකි.