― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙසක් පොහෝ දා වතුර වීදුරුවක් ඉල්ලා පැමිණ කාන්තාවකට කළ අපරාධය

වෙසක් පොහෝ දා වතුර වීදුරුවක් ඉල්ලා පැමිණ කාන්තාවකට කළ අපරාධය

වෙසක් පොහෝ දිනයේදී තම නිවසේ සිල් සමාදන් වෙමින් සිටී 47 හැවිරිදි කාන්තාවක් දූෂණයට කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිකන්ද පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් 27 හැවිරිදි තරුණයා වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

වතුර වීදුරුවක් ඉල්ලමින් නිවසට පැමිණ ඇති මෙම තරුණයා නිවසේ කිසිවෙක් නොමැති බව දැන ගැනීමෙන් අනතුරුව අදාළ කාන්තාව දූෂණයට ලක් කර ඇති බව‍යි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම අවස්ථාවේදී කාන්තාවගේ කෑ ගැසීම ඇසී එතැනට පැමිණි ප්‍රදේශවාසීන් විසින් සැකකාර තරුණයා අල්ලාගෙන ඇති අතර තරුණයාගේ පියා පැමිණ තරුණයා මුදවාගෙන ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

කෙසේනමුත් මේ වනවිට අදාළ තරුණයා සහ පියා වැලිකන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර දූෂණයට ලක් වූ කාන්තාව ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.