― political ―

මං රට භාරගත්තේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමටයි

තමා රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට බවත් එමගින් රටේ ගොවි ජනතාවගේ ජීවිත ද නව පරිවර්තනයකට ලක්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව...
HomeNewsදැරියකට හදි කළ අයෙක්ට වසර 10ක සිර දඬුවමක්

දැරියකට හදි කළ අයෙක්ට වසර 10ක සිර දඬුවමක්

බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජන සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 10ක සිරදඬුවම් නියම කළා.

ඊට අමතරව විත්රුතිකරුට රුපියල් 5,000ක දඩයක් නියම කළ විනිසුරුවරයා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ 02ක වන්දියක් ද ගෙවන ලෙසයි නියෝග කර සිටියේ.

2017 වසරේ අප්‍රේල් මස 10 වනදා කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ දී අසල්වැසි බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව චෝදනා තුනක් යටතේ නඩුවක් ගොනු කර තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එක් චෝදනාවකට විත්තිකරු වරදකරු කළ විනිසුරුවරයා අනෙක් චෝදනාව දෙකෙන් විත්තිකරු නිදහස් කරන බව නියෝග කළා. ඉන් අනතුරුව මෙම දඬුවම් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.