― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකන් මිලට ගැනීමට ටාටා සූදානමින්?

ශ්‍රී ලංකන් මිලට ගැනීමට ටාටා සූදානමින්?

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලට ගැනීම සඳහා ඉන්දියාවේ දැවැන්ත සමූහ ව්‍යාපාරයක් වන ටාටා සමාගම උනන්දුවෙන් පසුවන බවට තොරතුරු වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය මෙන්ම මෙරට ඇතැම් මාධ්‍ය ද තොරතුරු වාර්තා කර තිබුණා. ටාටා සමාගම මේ වනවිටත් ඉන්දියාවේ එයාර් ඉන්දියා සමාගමේ සහ තවත් ගුවන් සමාගම් කිහිපයක මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යනු ලබනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යාම සඳහා ආයෝජකයෙකු ශ්‍රී ලංකා රජය විසින් පසුගිය කාලයේ සෙවූ නමුත් එහි මූල්‍ය තත්ත්වය අනුව සැලකිය යුතු යෝජනා ඉදිරිපත්ව තිබුනේ නැහැ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිල දී ගැනීමට ටාටා සමාගම උනන්දුවක් දක්වන පුවත පිළිබඳව අප ශ්‍රී ලංකා ගුවන් සමාගමෙන් විමසීමක් කර සිටියා. එම සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් සිල්වා එහිදී සඳහන් කර සිටියේ, එවැනි තීරණයක් සම්බන්ධයෙන් තවමත් රජයේ පාර්ශ්වයෙන් නිල වශයෙන් දැනුම්දීමක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙත සිදුකර නොමැති බවයි.