33.9 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදී ඇල් ඔයේ ගිලී තරුණ යුවළක් ජීවිතක්ෂයට

දී ඇල් ඔයේ ගිලී තරුණ යුවළක් ජීවිතක්ෂයට

වේයන්ගොඩ පොලිස් වසමේ අත්තනගලු ඔයේ ශාඛාවක් වන දී ඇල් ඔයේ දිය නෑමට ගිය තරුණ යුවළක් දියේ ගසාගෙන යාමෙන් අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (07) පස්වරුවේ මෙම තරුණ යුවළ දිය නෑමට ගිය අවස්ථාවේ දියේ ගසාගෙන ගොස් මෙලෙස අතුරුදන්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ ළඟදී යුගදිවියට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටි 19 හැවිරිදි වියේ පසු වූ තරුණ යුවළක් බවයි තොරතුරු වාර්තා වුණේ.

දියේ ගසාගෙන යාමෙන් අතරුදන්ව ඇති තරුණයා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර තරුණිය කුඩාඔය, ලබුතැන්න ප්‍රදේශයේ පදිංචිකාරිණියක්. අතුරුදන්ව සිටින යුවළ සොයා වේයන්ගොඩ පොලිසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.