25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට නිෂ්පාදිත තිරිඟු පිටි මිලෙහි කිසිදු වෙනසක් නැහැ

මෙරට නිෂ්පාදිත තිරිඟු පිටි මිලෙහි කිසිදු වෙනසක් නැහැ

මෙරට නිෂ්පාදිත තිරිඟු පිටි මිලෙහි කිසිදු වෙනසක් නොමැති බවත් මිල වැඩිව ඇත්තේ ආනයනික තිරිඟු පිටිවල පමණක් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (09) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මේ පිළිබඳ ඉතාම වැරදි සහගත ප්‍රවෘත්තියක් යන බව තමා පිටි නිෂ්පාදනය කරන සමාගම් සඳහන් කළේ. මම අදාළ සමාගම් දෙකෙන්ම ප්‍රධාන නිලධාරීන්ට දුරකථනයෙන් කතා කළා. මට වගකීමෙන් ප්‍රකාශ කරන්න කිව්වා, සත පහකින්වත් පිටි මිල වැඩි කරලා නැති බවත්, අනාගත මාසය 6කට අවශ්‍ය පිටි තොග ඔවුන් සතුව පවතින බවත්, මෙරට නිෂ්පාදනය කරන පිටිවල මිල වැඩිවෙලා නෑ. ආනයනය කරන ඒවා තමා වැඩිවෙලා තියෙන්නේ.