29 C
Colombo
Monday, May 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

දිනයක් සහ වෙලාවක් වෙන් කර ගැනීමෙන් පසු පමණක් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබයි.

නමුත් රෝගාබාධයන්ට ලක්ව විදෙස් ගත වීමට සිටින හා සති දෙකක තුනක නිවාඩුවකට ලංකාවට පැමිණ ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට සිටින අයට අදාළ ලේඛන පෙන්වා පැමිණීමේ හැකියාව පවතින බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

දැනට වෙලාවක් හෝ දිනයක් වෙන් කර නොමැති අය පැමිණීමෙන් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.