11.7 C
London
Friday, June 9, 2023

බලංගොඩදී අතුරුදන් වූ එක් අයෙක් හමුවෙයි

බලංගොඩ සමනලවත්ත ප්‍රදේශයේ අතුරුදන්ව සිටි එක් පුද්ගලයෙකු හමුවී තිබෙනවා.

පොලිස් නිල සුනඛයෙකු යොදවා කළ විමර්ශනයකදී ඊයේ දහවල් රාස්සගල ප්‍රදේශයේ ලඳු කැලෑවක සිටියදී ඔහු සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. පසුගිය 3 වනදා සමනලවත්ත ප්‍රදේශයේදී අතුරුදන් වූ පුද්ගලයා පිළිබඳව මෙම පුද්ගලයාගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබා ගැනීම සහ ප්‍රදේශවාසීන් ඔහු පිළිබඳ සැක සිතීම හේතුවෙන් බියට පත්ව මෙලෙස කැලෑවට ගොස් සැගවී සිටි බවට ඔහු පාපොච්චාරණය කර තිබෙනවා.

පසුගිය 3 වනදා අතුරුදන් වූ 42 හැවිරිදි පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් අනාවරණ වී නැහැ. ඔහු සම්බන්ධයෙන් තොරතුරක් හෙළි වීමෙන් පසුව නැවත ගමට පැමිණීමේ අදහසින් සැඟවී සිටි බවට ද මෙම පුද්ගලයා පොලිසිය හමුවේ ප්‍රකාශකර තිබෙනවා.

සමනලවත්ත ප්‍රදේශයේදී මුලින්ම අතුරුදන් වූ පුද්ගලයා පිළිබඳ ඔහුගේ සහෝදරයා විසින් බලංගොඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබූ අතර ඒ අනුවයි විමර්ශන ආරම්භ වූයේ. අනතුරුව ප්‍රදේශයේ ලඳු කැලෑ ප්‍රදේශ පරීක්ෂා කර අතුරුදන් වූ බවට සැක කෙරෙන ස්ථානය පරීක්ෂා කිරීමට ස්ථානීය අපරාධ පරීක්ෂණ නිලධාරීන් මෙන්ම නිල සුනඛයෙකු ද යොදවා පරීක්ෂණ ආරම්භ කෙරුණා.

අදාළ අතුරුදන් වීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව අතර සැකයක් පැවතීම සහ ලබාගත් දුරකථන වාර්තා අනුව අතුරුදන්ව සිටින පුද්ගලයාට අවසන් වරට දුරකථන ඇමතුම් ලබා ගැනීම හේතුවෙනුයි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැණුනේ. පසුව එම ප්‍රකාශය ලබා දුන් පුද්ගලයා සමනලවත්ත ප්‍රදේශයේ තේ දළු කැඩීමට ගිය අවස්ථාවේ අතුරුදන්ව ඇති බවට සඳහන් කරමින් ඔහුගේ බිරිඳ විසින් බලංගොඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම අතුරුදහන් වීම් දෙක සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය මගින් පෙරේදා (10) විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබුවා. එහිදී පොලිස් නිල සුනඛයෙකු විසින් ලබාදුන් ඉව ඔස්සේ සමනලවත්ත කැලෑබද ප්‍රදේශයට ගොස් මුලින්ම අතුරුදන් වූ පුද්ගලයා අතුරුදන් වූ බවට සඳහන් ස්ථානයේ සිට කිලෝමීටර් 15ක් පමණ දුරින් රාස්සගල ළඳු කැලෑවක සිටියදීයි අනෙක් පුද්ගලයා සොයා ගැණුනේ.

ඔහුගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශකර ඇත්තේ පසුගිය 3 වනදා අතුරුදන් වූ පුද්ගලයා සම්බන්ධයෙන් සැක පිට තමාගෙන් ප්‍රශ්න කිරීම සහ ඒ සම්බන්ධයෙන් ගම්වාසීන් තමා සැක කරන බැවින් ඊට බියවී එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් ලැබුණු දිනක නැවත ගමට පැමිණීමේ අදහසින් කිසිවෙකුට හෝ නොකියා ගමෙන් පළාගිය බවයි.

ඔහු අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. දැනට අතුරුදන්ව සිටින පුද්ගලයා සහ මෙම සිදුවීම සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය මගිනුයි වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන්නේ.

Latest

අගමැති හා මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ්...

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ.. හෙට...

උඩදියලුම වන අලි ප්‍රහාරයේ පෙම්වතා යළි රිමාන්ඩ්

කොස්ලන්ද, උඩදියලුම ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ තරුණියගේ...

හරක් කටාගේ පෙත්සමකට දින නියම වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක වික්‍රමරත්න...

Don't miss

ඩොලරයේ වාසිය ගොවීන්ටත් ලබාදෙනවා – මහින්ද

රුපියල් 9,000කට පහළ මිලකින් ගොවීන්ට යූරියා ලබාදීමට කටයුතු කරන...

ගෝඨාභයට ගෙවල් දෙන්න මම කවුද? – අලි සබ්රි

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තමා නිවසක් දී නැති බවත්...

අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයා ලෙස පත්කිරීම නීත්‍යානුකූලයි

2015 වසරේදී මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත්...

අනුර ඇතුළු 26කට එරෙහිව වාරණ නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙකුට මාර්ග...

වසර 05කදී රැකියා 73,440ක් අහිමි වෙලා

2018 වසරේ සිට වසර 05ක කාලය තුළ සුළු හා...

අගමැති හා මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී තිබේ. අද (08) අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදුව ඇති අතර මේ වන...

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ.. හෙට (09) සිට මෙම මිල අඩුවීම ක්‍රියාත්මක වන අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල්...

උඩදියලුම වන අලි ප්‍රහාරයේ පෙම්වතා යළි රිමාන්ඩ්

කොස්ලන්ද, උඩදියලුම ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ තරුණියගේ පෙම්වතා ලබන 15 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. සැකකරු අද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here